spot_imgspot_img

මවගේ ආදර්ශයෙන් කුළුබඩු ව්‍යාපාරයක්

මවගෙන් පන්නරය ලබා ගත් සමීර ද මෙල්, සමීර නිෂ්පාදන නමින් සාර්ථක සහ අඛණ්ඩ ව්‍යාපාරයක් කරගෙන යන අපූරුව.

“දිරිය කතා” යනු ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින් අගය කිරීමට සහ ඔවුන්ව ලෝකයාට හඳුන්වා දීමට මෙන්ම, තවත් ව්‍යවසායකයින් දිරිගැන්වීමට හැකි ජීවිත කතා සම්බන්ධව www.Diriya.lk විසින් ගෙන එනු ලබන ලිපි මාලාවකි.

එම ලිපි මාලාවේ මෙවර ලිපිය සඳහා අප තෝරා ගත්තේ සමීර නිෂ්පාදන හි නිර්මාතෘ සමීර ද මෙල්. අප විසින් ඔහුට ප්‍රශ්න 12ක් ඉදිරිපත් කළ අතර ඔහු ඒවාට පිළිතුරු දුන්නේ මෙසේයි.

1. ඔබේ ව්‍යාපාරය ගැන විස්තර කළොත්?

මිරිස්, තුනපහ නිවසේ නිෂ්පාදන කර සමීර නිෂ්පාදන නමින් ව්‍යාපාරයක් මා විසින් පවත්වා ගෙන යනවා.

2. ව්‍යාපාරය ගැන අදහසක් ආවේ කවද්ද, කොහොමද?

මට ව්‍යාපාරයක් කරන්න අදහසක් ආවේ 2010 වසරේ දී, මට අදහසක් ආවා වස විස, රසායනික ද්‍රව්‍ය කළවම් කරපු මිරිස් තුනපහ වර්ග හැමතැනම තියෙන නිසා මා විසින්ම නිවසේ පිළියෙළ කර වස විස නැති කළුබඩු වෙළඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳ දෙයක් කියලා.

මුලින්ම ග්‍රාමීය මට්ටමින් මිනිසුන් අතරට ගොස් ක්‍රම, ක්‍රමයෙන් එය වැඩි දියුණු කර ගැනීමටත්, එමගින් පාරිභෝගිකයන්ගේ සිතේ නිවසේ පිළියෙළ කරන කුළු බඩු වර්ග නිසා බයක්, සැකයක් නැතුව ඔවුන්ට ඒවා මිල දී ගන්න අවකාශ නිර්මාණය කිරීමත් මගේ අදහසයි. අනිත් ප්‍රධාන කාරණාව නම් මේ සියලුම නිෂ්පාදන, නිෂ්පාදනය කරන අකාරය අවශ්‍ය නම් සියැසින් දැක බලා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ව්‍යාපාරයේ ආරම්භය?

ව්‍යාපාරය ආරම්භ කළේ 2010 ජූලි මාසයේ දී, මුලින්ම මමයි මගේ අම්මයි තමයි ව්‍යාපාරය කරගෙන ගියේ. 2013 මගේ විවාහයෙන් පසු මගේ බිරිඳත් සමඟ ව්‍යාපාරය කරගෙන යනවා.

ව්‍යාපාරය ආරම්භ කරන්න ඔබව දිරිමත් කළේ කවුද? හෝ ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබට අවශ්‍ය ශක්තිය ලැබුණේ කොහෙන් ද?

පළමුව මාව දිරි ගැන්වුවේ එවකට අපේ දේවස්ථානය බාරව කටයුතු කළ ගරු. ජෝන් මාර්ෂල් පියතුමා, ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ව්‍යාපාරය කරගෙන යන අතරේ මට හමුවෙනවා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධිත කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ හෂානි, රිවේෂා, විදාතා එකේ ටීනා, කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ ඉන්න කාංචනා, මොරටුවේ හිටපු කල්පනි යන නිලධාරිණියන් (අමතක නොකළ යුතුම නම් නිසයි දැම්මේ) මේ මිස්ලා ඔවුන්ගේ නොමසුරු සහයෝගය, උපදෙස් අදටත් ලබා දෙන අතර මෙම ක්ෂේත්‍රයේ වැඩිදුර දැනුම ලබා ගැනීම සඳහා කටුබැද්ද පිහිටි I.D.B ආයතනය වෙත මාව යොමු කරවනු ලැබුවා.

මුහුණ දුන් ලොකුම බාධකය?

කිසිම දෙයක් නොදන්න මම කොහොමද මේක ආරම්භ කරන්නේ, ඇඹරුම් යන්ත්‍රයක් තෝරා ගන්නේ කොහොමද, වෙළඳපොළේ මිල ගණන් කොහොමද කියලා ගැටලු තිබ්බා.

ඔබව දිරි ගැන්වූ දෙයක් (කවුරුන් හෝ විසින් කියන ලද්දක් හෝ ඔබ කියවූ යම් දෙයක්)?

මම දැක්කා මගේ මව සෑම මාසයකම අපේ නිවසට අවැසි මිරිස්, තුනපහ හදන්න මිරිස් කරල්, කොත්තමල්ලි, සූදුරූ, මාදුරූ සහ අනෙකුන් අමුද්‍රව්‍ය නිවසට රැගෙන විත් සෝදා වියලා ඒවා රැගෙන යනවා ඇඹරුම් හලක් වෙත ඇඹරීමට.

තවද, මගේ මව කෝපි ඇට ගෙනල්ලා සෝදා වියලා ඒවා බැදගා කුඩුකර අසල්වාසීන්ට අලෙවි කරනවා මම දැක්කා, ඒවා දැකලා මටත් අදහසක් ආවා අද කාලේ කාර්‍යබහුල මිනිස්සුන්ට ඉතා පිරිසිදුව වගකීමක් සහිතව කුළුබඩු නිෂ්පාදනය කරලා අලෙවි කරන්න තිබුනොත් හොඳයි කියලා.

ඔබ යටතේ සේවය කරන සේවකයින් සංඛ්‍යාව?

ආරම්භයේ දී හිටියේ මමයි, මාගේ අම්මයි විතරයි. 2013න් පසු මාගේ බිරිඳත් ව්‍යාපාරයට එකතු වුනා.

ඔබගේ ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ ලබන අනෙකුත් ආයතන/පුද්ගලයින්?

මගේ ව්‍යාපාරයේ ප්‍රතිලාභ ලබන ප්‍රධාන කෙනා තමයි පාරිභෝගිකයා, ඒ මොකද කියනවා නම් හොඳම අමුද්‍රව්‍ය යොදා සියලුම නිෂ්පාදන කටයුතු සිදු කරන අතර ඒවා ඔවුන්ට අවශ්‍ය ඕනෑම වෙලාවක සියැසින් දැක බලා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. තවද, අලෙවියෙන් පසුත් පූර්ණ වගකීමක් ලබා දෙනවා.

ඔබට සිතෙන ආකාරයට ඔබේ ප්‍රතිපත්තිමය ගුණාංග?

සෑමවිටම හොඳම අමුද්‍රව්‍ය පමණක් රැගෙන නිෂ්පාදන කටයුතු කළ යුතු වීම, වැඩි ලාබ ලබා ගැනීම අරමුණු කරගෙන නිෂ්පාදනයේ තත්වය අඩු නොකළ යුතු වීම, අවංකභාවයෙන් යුතුව ව්‍යාපාරයක් පවත්වා ගෙන යා යුතු වීම. එතකොට තමයි පාරිභෝගිකයින් සංඛ්‍යාව වැඩි කර ගන්න පුළුවන් වෙන්නේ.

ඔබගේ සහ ඔබගේ ව්‍යාපාරයේ තිබෙන අඩුපාඩු?

තිබෙන ලොකුම අඩුපාඩුව තමයි සමහර වෙලාවට ඇනවුම් කළ සැණින් ඇනවුම ලබා දීම කරන්න අපහසු වීම. සියලුම නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ සතියකට සෑහෙන්න විතරයි (නැවුම් බවින් යුතුව පාරිභෝගිකයින් අතට ලබා දිය යුතු නිසා). ඒක නිසා තොග වශයෙන් වැඩිපුර කල් තබා ගන්නේ නෑ.

අනාගත සැලසුම්?

ඇසුරුම වැඩි දියුණු කරගෙන සුපිරි වෙළඳසැල් වෙත අලෙවියට ඉදිරිපත් කිරීම තමයි ප්‍රධානම සැලැසුම.

නව ව්‍යවසායකයින්ට ලබා දෙන උපදේශය?

තමා තමන්ට අවංකව ව්‍යාපාරය කරන්න, වැඩි ලාබ ලබා ගැනීමේ අරමුණෙන් නිෂ්පාදනයේ තත්වය අඩු කරන්න එපා කවදාවත්, එහෙම වුනොත් එක මොහොතකින් කැපවීම, මහන්සිය, විශ්වාසය නැති වෙනවා, පාරිභෝගිකයින් තමන්ව හොයා ගෙන එන විදියට නිතරම වැඩ කරන්න.

සමීර ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවායි කියා Diriya අපි ප්‍රාර්ථනා කරමු. 

ඔබත් ව්‍යවසායකයෙක් නම්, අප සමඟ බෙදා ගැනීමට දිරිය කතාවක් ඇත්නම් කරුණාකර info@diriya.lk වෙත විද්‍යුත් තැපෑලක් යොමු කරන්න. ඔබේ කතාව ලෝවට ගෙන යන්න Diriya අපි සූදානම්.


Diriya Sri Lanka
Diriya Sri Lankahttps://www.diriya.lk
Diriya.lk is a sustainability and social innovation initiative of Dialog Axiata PLC. The content available herein is aimed solely for the purposes of educating, guiding and assisting Micro, Small and Medium Enterprises (MSMEs) in navigating the challenges of the fast paced business world. As such, Dialog Axiata PLC, its staff, its officers or Directors shall not be liable for any direct, indirect, incidental, special, consequential, or punitive damages or damages for any loss of profits, revenue, business, savings or data, incurred due to the use of the content available on Diriya.lk.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X