spot_imgspot_img

ශ්‍රී ලංකාව තුළ පාරිසරික කළමනාකරණ පද්ධති (EMS) ක්‍රියාත්මක කිරීම.

පාරිසරික කළමනාකරණ පද්ධති Environment Management System (EMS) සංකල්පය ඔබ හට තරමක් සංකීර්ණ හා නුහුරු යෙදුමක් විය හැක. එසේ වුවද, එය ක්‍රියාවට නැංවීමට එතරම් අපහසු දෙයක් ද නොවේ. සාර්ථක පද්ධතියක් සැලසුම් කිරීමට  මෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථිර අවබෝධයක් මෙන් ම අත්‍යවශ්‍ය නිවැරදි සාධක ද උපකාරී වේ. දේශීය සංවිධානවල ක්‍රියාත්මක කර ඇති පාරිසරික කළමනාකරණ පද්ධති පිළිබඳ තොරතුරු ගැන සලකා බලමු. මෙහි දී පාරිසරික කළමනාකරණ පද්ධතින්හි අංශ කිහිපයක් උදාහරණ මඟින් ඉදිරිපත් කර ඇත.

දේශීය බැංකුවකට අනුගමනය කළ හැකි පාරිසරික උපායමාර්ග:

  • ආලෝකකරණය උදෙසා කාර්යක්ෂම බලශක්ති මෙන්ම විකල්ප පුනර්ජනනීය බලශක්ති ප්‍රභව ගවේෂණය කිරීම තුළින් බලශක්තිය ඉතිරි කර ගැනීම.
  • කඩදාසි පරිභෝජනය අඩු කිරීමට උත්සාහ කිරීම සහ හැකි සෑම විටම ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලි ප්‍රවර්ධනය කිරීම තුළින් කඩදාසි අපද්‍රව්‍ය අවම කිරීම.
  • කාර්ය සාධනය නිරීක්ෂණයට සහ සම කර්මාන්තයන්හි  නියැලෙන්නන්ගේ ප්‍රගතිය සමඟ සිය මට්ටම සසඳා බැලීමට “Carbon footprint” ගණනය කිරීමේ ක්‍රියාවලිය අනුගමනය කිරීම.
  • ස්ථීර ණය ලබා දීම (Sustainable lending) හෝ NCRE (සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති) යන අංශයන් සංවර්ධනය සඳහා ලබා දෙන ණය හා තනි පුද්ගලයින් සඳහා හරිත බලශක්ති ණය වැනි හරිත ණය යෝජනා ක්‍රම(Green loans) හඳුන්වා දීම.
  • වඩාත් පරිසර හිතකාමී ව්‍යාපාරික භාවිතවලට ගනුදෙනුකරුවන් යොමු කිරීම තුළින් ගනුදෙනුකරුවන්වද  ඒ සඳහා සම්බන්ධ කර ගැනීම.
  • වාතය, ජලය හෝ පෘථිවියේ ස්වාභාවික සංයුතියට විනාශයක් විය හැකි තීරණාත්මක පාරිසරික අභියෝග හඳුනා ගෙන ඒවාට විසඳුම් සෙවීම සඳහා පාරිසරික ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති(Environmental CSR Projects) ක්‍රියාත්මක කිරීම.

බැංකු විසින් අනුගමනය කරන ලද සමාජ උපායමාර්ග.

  • පාර්ශවකරුවන් සම්බන්ධ කර ගැනීමේ යන්ත්‍රණය තුළින් ආරම්භ කෙරෙන අංශක 360 ක තිරසාර න්‍යායක් අනුගමනය කිරීම. එහිදී තිරසාර ප්‍රවණතා හඳුනා ගැනීමටත් ඒ තුළින් පැන නැගිය හැකි ප්‍රවණතා මෙන්ම තර්ජන පිළිබඳව තීරණය කළ හැකි වේ.
  • සමාජ කණ්ඩායම්වලට බලපෑ හැකි පුළුල් පද්ධතිමය ගැටලු සහ සමාජ-ආර්ථික අභියෝගයන්ට විසඳුම් ලබා දෙන සමාජමය වශයෙන් ප්‍රතිචාර දක්වන CSR (ආයතනික සමාජ වගකීම්) ආකෘතියක් භාවිතා කිරීම.
  • සහශ්‍ර සංවර්ධන අරමුණු (Millennium Development Goals) හා තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය ට අනුකූලව (බැංකුව) මෙහෙයවීමේ කටයුතු සිදු කරනු ලැබ ඇත. UNDP හි ශ්‍රී ලංකාව සඳහා වූ සංවර්ධන මාර්ග සිතියමට (UNDP’s development road map)මෙය අයත් වේ.
  • සමාජයීය වශයෙන් ප්‍රතිචාර දක්වන ආයතනික සමාජීය වගකීම් (Cooperate Social Responsibilities – CSR) ආකෘතියක් හරහා පුළුල් ප්‍රජා ජන විකාශනයක් තුළ  ධනාත්මක වෙනසක් ඇති කිරීම.
  • විනිවිදභාවය ඇති කිරීම, යහ පාලනයක් සහිත වීම, ප්‍රජා සහභාගීත්වය ඇති කිරීම සහ සේවක ස්වේච්ඡා සේවය ඇති කිරීම.

ශ්‍රී ලංකාවේ පවතින රජයේ ආයතනවල  ඵලදායී පාරිසරික කළමනාකරණ පද්ධති (EMS) ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා නිර්දේශ.

  • රාජ්‍ය අංශයේ ඒ හා අදාල සේවකයින්ට පාරිසරික කළමනාකරණ පද්ධති  ස්ථාපිත කිරීම පිළිබඳ නිසි පුහුණුවක්  ලබා දිය යුතුය. පාරිසරික ප්‍රතිපත්තියක් සකස් කරන ආකාරය හා ඒ තුළ ISO 14001 හි මග පෙන්වීම යටතේ ලබා ගත හැකි ජයග්‍රහණ ගැන අවබෝධයක් ලබා ගත හැකි වන ලෙස ISO 14001 පිළිබඳ පූර්ණ දැනුමක් ඔවුන්ට ලබා දිය යුතුය.
  • පාරිසරික ප්‍රතිපත්තියක් සැලසුම් කිරීමේදී, අතවශ්‍යම කොටස් ඊට ඇතුල් කළ යුතුයි. විවිධාකාර අන්දමින් සිදු කෙරෙන පරිසර දූෂණ ක්‍රියා වැළැක්වීම, අදාළ නීති හා රෙගුලාසි වලට අනුකූල වීම, අඛණ්ඩව වැඩිදියුණු කිරීම් සිදු කිරීම වැනී කාරණා මෙකී අත්‍යවශ්‍ය කොටස් ලෙස දැක්විය හැකියි. තවද මෙම අත්‍යවශ්‍ය සංරචක සියල්ල ඇතුළත් කළ ප්‍රතිපත්ති හා ඊට අදාළ වන සියලුම  අභ්‍යන්තර හා බාහිර පුද්ගලයින් සඳහා ප්‍රකාශයට පත් කිරීම සිදු කළ යුතුය.
  • ආයතන ව්‍යුහය තුළ විවිධ තනතුරුවලට අදාළ පුද්ගලයින්ව සහභාගි කර ගනිමින් වඩාත් හොඳ පාරිසරික කටයුතු පිළිබඳ කණ්ඩායමක් ගොඩනැගිය යුතුය.
  • EMS ක්‍රියාත්මක කිරීම පිළිබඳ අඛණ්ඩ විගණන (audits) හා විමර්ශන වරින් වර නියමිත වේලාවට සිදු කළ යුතුය.
  • සෑම පාරිසරික වැඩසටහනක්ම සම්බන්ධීකරණය කිරීම සඳහා ඒ ඒ ආයතනයන්හි පරිසර නිලධාරි තනතුරක් ස්ථාපිත කිරීම කළ යුතුය.
  • ආයතනයේ පරිසරය සංරක්ෂණය කිරීම, තමා දරන තනතුරේ හෝ රාජකාරියේ කොටසක් ලෙස සලකන මට්ටමට සේවකයින්ගේ ආකල්ප සමස්ථයක් ලෙස වැඩිදියුණු කළ යුතුය.

(based on an academic study conducted by Gunawardena & Jayawickrama, 2015)

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X