spot_imgspot_img

සේවකයින් සේවයෙන් ඉවත් වීම අඩු කරමු

බොහෝ ව්‍යාපාර සඳහා සේවකයින් සේවයෙන් ඉවත් වීම සැලකිය යුතු ගැටලුවක් බව ඔබ දන්නවාද?

ආර්ථික පර්යේෂණ, යෝජනා කරන්නේ සමහර කර්මාන්ත සඳහා සුදුසු ආදේශකයක් සොයා ගැනීමට, පුහුණු කිරීමට සහ කුලියට ගැනීමට සේවකයාගේ වාර්ෂික වැටුපෙන් පහෙන් එකක් දක්වා වැය විය හැකි බවයි. ඔබේ හොඳම සේවකයින් රඳවා තබා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම ඔබේ ප්‍රමුඛතා වලින් එකක් ලෙස සැලකීම වඩා යෝග්‍ය  වන්නේ එබැවිනි.

කාලයාගේ ඇවෑමෙන් සමහර සේවකයින් විවිධාකාර  හේතූන්  නිසා සමාගම හැර යාමට තීරණය කිරීම හෝ සමාගම හැර යාමට අවශ්‍ය වීම සත්‍යයකි. කෙසේ වෙතත් අසාමාන්‍ය ලෙස ඉහළ සේවයෙන් ඉවත් වීමේ අනුපාතිකයක් යන්නෙන් අදහස් වන්නේ ඔවුන් සමාගම තුළ සේවය කරන  අතරතුර ඔබ ඔවුන් වෙනුවෙන් කරන යම් යම්  ආයෝජන නාස්තියට පත්වීමේ අනතුරක ඇති බවයි.   සමාගමක් ලෙස, ඉතා ඉහළ අගයකින් සේවකයින් ඉවත් වීම ඔබ එතරම් ප්‍රිය කරන දෙයක් නොවනු ඇත. එය ඔබේ පිරිවැය ඉහල යාමට හේතු  වන අතර සමාගමේ කීර්ති නාමයටද බලපෑ හැකිය. කෙසේ වෙතත්, සේවකයින් සේවයෙන් ඉවත් වීම  සඳහා විසඳුම ඔබේ ශ්‍රම බලකාය කෙරෙහි ඔබ සිදු කරන  ආයෝජනය නතර කිරීම නොවේ. විසඳුම වනුයේ සේවකයින් අසාමාන්‍ය ලෙස ඉහල අනුපාතයකින් සේවයෙන් ඉවත යාමට ඇති හේතු එකක් හෝ කිහිපයක් හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීමයි.

එය ඔබ සිතන තරම් අපහසු නැත. අපි මෙය එදිනෙදා ජිවිතයට ආදේශ කර බලමු.

උදාහරණයක් ලෙස ඔබේ සමාගමේ රියදුරුගේ රැකියාවට අදාළ විස්තර  දෙස බලමු.  ආයතනයේ  රියදුරු ඔබේ බොහෝ සේවකයින් ගේ වාසස්ථාන  පිළිබඳ සෑම විස්තරයක්ම දන්නා අතර ඔබේ බොහෝ සේවකයෝ  ගමන් කරන අතරතුර  ආයතනයේ රියදුරු සමඟ සන්නිවේදනය කිරීමට නැඹුරු වෙති. මෙම රියදුරු මහතා හෝ මහත්මිය  ඔබේ සමාගමට ඉතා චිත්තවේගීය වශයෙන් වැදගත් වන වත්කමක් ලෙස සැලකිය හැකිය. නමුත් ඔබ ඔහුගේ/ ඇයගේ  දුක්ගැනවිලි කෙතරම් හොඳින් හසුරුවනවාද? සමාගම තුළ ඔහුගේ/ඇයගේ භූමිකාවේ වටිනාකම කොපමණද?

සෑම කුඩා රැකියාවක්ම වැදගත් වෙනසක් ඇති කරන අතර ඔබේ ආයතනයේ ඉලක්ක කරා ඔබව ගෙන යාමට උපකාරී වන බව මතක තබා ගනිමින් ඔබ සම්බන්ධ විය යුතු ස්ථානය මෙයයි. ඔහු/ඇය තෘප්තිමත්ව තබා ගැනීම කෙරෙහි ඔබ අවධානය දක්වන්නේනම් , ඔහුට/ඇයට වඩා හොඳ වැටුපක් සහිත වඩා හොඳ රැකියාවක් ලද විටදී ද ඔබගේ ආයතනයෙන් ඉවත්වීමට  පෙර  ඔහු/ඇය දෙවරක් සිතන බවට සහතික වනු ඇත.

පහත ඉඟි ඔබගේ වැඩ කටයුතු  පහසු කර ගැනීමට උපකාරී වනු ඇත.

  • සමාගමට සහ සේවා පරිසරයට හොඳම සහ සුදුසුම පුද්ගලයින් බඳවා ගන්න

හොඳ මානව සම්පත් ප්‍රතිඵල ආරම්භ වන්නේ නිවැරදි දක්ෂතා ආකර්ෂණය  කර ගැනීමේ සහ තෝරා ගැනීමේ පටන්ය – නිවැරදි පුද්ගලයින් ආයතනයට  බඳවාගැනීම  තුලින්  ආයතනය තුල  වඩා හොඳ ප්‍රතිඵල ලබා ගත හැක. ආයතනයට අලුතින් බඳවා ගැනීමේදී, ඔවුනට ඔබගේ ආයතනික පරිසරයට පහසුවෙන් අනුවර්තනය විය හැකිනම් සහ ඔබගේ ආයතනයේ පරිසරය සතුටින් විඳිය හැකිනම් ඔවුන්, පසුබිම්  සහ ආකල්ප පරීක්ෂණයකින් තොරව ඔබ බඳවා ගන්නා අයට වඩා වැඩි කාලයක් සමාගම තුළ රැඳී සිටිනු ඇත.

  • සාධාරණ වැටුප් සහ දිරි දීමනා ලබා දෙන්න

ඔබ රැකියාවට සාධාරණ වැටුප් ගෙවන්නේ නම්, සේවකයින්ට වැඩ කටයුතු වල නියැලීමට සරිලන නව අවස්ථා සහිත  අභියෝගාත්මක හා ප්‍රසන්න පරිසරයක් ලබා දෙන්නේ නම් ඔබගේ සේවකයින් ඉවත් වීම අඩු වනු  ඇත. රක්ෂණ සහ ආයතනය මගින් ලබා දෙන වෙනත්  ප්‍රතිලාභද  මීට අදාළ වේ. වැටුප් සහ ප්‍රතිලාභ කොතරම් ඉහල වුවද, රැකියා ස්ථානය  කොතරම් තෘප්තිමත් වුවද,  කිසියම් පිරිසකට ස්ථානීය වෙනසක් අවශ්‍ය වූ විට ඔවුන් රැකියාවෙන් ඉවත්ව යනු ඇත.

  • ඔබේ සේවකයන් විශ්වාස කර ඔවුන්ට අර්ථාන්විත රැකියාවක් සහ අරමුණක් ලබා දෙන්න. 

ඔබ බොහෝ දක්ෂ පුද්ගලයින් අතරින් දක්ෂතම අපේක්ෂකයා බඳවා ගනී. එබැවින් ඔවුන් ඔබේ විශ්වාසය ලැබිය යුතු අතර පැහැදිලි අරමුණක් සහ ඉලක්කයක් කරා මෙහෙයවා තීන්දු තීරණ  ගැනීමට යම් ප්‍රමාණයක  ඉඩක් ලබා දීමට ඔබ අධිෂ්ඨාන කර ගත යුතුය. මෙය වක්‍රව ඔවුන්ගේ කුසලතා සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට ඉඩ සලසනු ඇත.  ඕනෑම පුද්ගලයෙකුට  තමා කෙරෙහි විශ්වාසය තබා ප්‍රමාණවත් ස්වයං පාලනයක් හිමිකර දී ඇති  බව දැනුන විට, ඔවුන් තම උපරිමයෙන්  කාර්යය ඉටු කරයි. වෙනත් සමාගමකින් රැකියා පිරිනැමීමක් පිළිගන්නවාද නැතහොත් ඔබේ සමාගමෙහි රැඳී සිටිනවාද යන්න තීරණය කිරීමේදී ඔවුන් මුලිකත්වය දෙන තවත් සාධකයක් වන්නේ පුද්ගලික සංවර්ධනයයි.

  • සේවකයින්ට ගෞරවය දැක්වීම

සේවකයින්ට සිතීමට, නව්‍යකරණය කිරීමට සහ ඔවුන්ගේ අදහස් භාවිතා කිරීමට ඉඩ දෙන්න; කිසිවිටෙක ඔවුන්ව සමච්චලයට හෝ ලැජ්ජාවට පත් නොකරන්න. ඔබ ඔවුන්ව අගය කරන බව ඔවුන්ට දන්වන්න. ඔවුන් ඔබගේ ආයතනයේ වැදගත්  අංගයක් බවත් සමාගමට අවශ්‍ය විට භාවිතා කර  බැහැර කළ හැකි තවත් සම්පතක් හෝ අනවශ්‍ය  වගකීමක් නොවන බව ඔවුන්ට හැඟෙනු ඇත. ඔවුන් ද  විවේක කාලය අවශ්‍ය මිනිසුන් බව අමතක නොකරන්න. ඔවුන්ගේ සෞඛ්‍ය  හා යහපැවැත්මට  නිසි සනීපාරක්ෂක පහසුකම් සහ නිසි සේවා කොන්දේසි ලබා දෙන්න .

  • රැකියාව -හා පෞද්ගලික ජිවිත සමතුලිතතාවය පවත්වා ගැනීමට සේවකයින්ට උදව් කරන්න.

සෞඛ්‍ය සම්පන්න ශ්‍රම බලකායක් සඳහා රැකියාව -හා පෞද්ගලික ජිවිත සමතුලිතතාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. සමහර සේවකයින්ගේ අභිප්‍රේරණය වැටුප වැනි මුදල් ප්‍රතිලාභ විය හැකි නමුත් තවත් සමහරුන්ට (සහ ජීවිතයේ යම් අවස්ථාවක දී, සෑම කෙනෙකුටම පාහේ), රැකියා ජීවිතය සහ පෞද්ගලික ජීවිතය අතර සමතුලිතතාවයක් ඇති කර ගැනීමේ හැකියාව රැකියාවේ වැදගත්ම අංගය විය හැකිය.  ඔබේ ව්‍යාපාරයේ මුල් අවධියේ සිටින විට ඔබට මෙහි වැදගත්කම දැනෙන්නේ නැත, මන්ද ලාභ ලැබීම ඔබගේ ප්‍රධාන අරමුණ නිසාවෙනි. කෙසේ වෙතත්, සෑම කෙනෙකුටම යහපත් රැකියාව -හා පෞද්ගලික ජිවිත සමතුලිතතාවය භුක්ති විඳිය හැකි පරිසරයක් ඔබ නිර්මාණය කර ගන්නා තරමට, හොඳම සේවකයින් රඳවා තබා ගැනීමේ අවස්ථාව වැඩි වේ.

මේ ඉඟි  ඔබට සේවකයින් සේවයෙන් ඉවත්වීම අවම කර, සේවා ස්ථානය  තෘප්තිමත් එකක් බවට පත් කර, වැඩි දියුණු කිරීමට හා  නිර්මාණශිලිත්වය ඇතිකර ව්‍යාපාරය සාර්ථකත්වයට පත්කරගැනීමට ඉවහල් වනු ඇත.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X