spot_imgspot_img

සේවකයින් රඳවාගැනීමේ ඇති වැදගත්කම කිසි විටෙකත් අවතක්සේරු නොකරන්න

ලොස් ඇන්ජලීස් හි උපදේශන සමාගමක් වන The Interchange සමූහයෙහි ප්‍රධානී Amy Hirsh Robinson පවසන අන්දමට “සේවක රඳවාගැනීම් (Onboarding) යනු, නව සේවකයෙකු තවදුරටත් සේවයේ නියැලීමට කැමැත්තක් දක්වන්නේද?, නැත්ද?, යන්න තීරණය කරනු ලබන විශ්මයජනක අවස්ථාවකි. එම අවස්ථාව නව සේවකයින්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය පුරාවට මතකයේ පවතින ස්වර්ණ ද්වාරයක් ලෙස රැඳෙන ලෙසින් නිර්මාණය කරලීමට හැකියාව පවතියි.”

සේවකයින් සේවය හැර යාම, සමාගමක් ලෙස ඔබට අවම කළ යුතුම කාරණය විය හැක. එමඟින් ඔබේ  සමාගමේ පිරිවැයට මෙන්ම කීර්තිනාමයටද බලපෑම් ඇති වේ. ඔබ යහපත් ‍රඳවාගැනීම් වැඩසටහනක් තුළින් සේවකයින් සේවය හැරයාම අවම කිරීම කෙරෙහි අවධානයක් යොමු කරන්නේ නම්, පහත දැක්වෙන කරුණු ඒ උදෙසා ඔබට ඉතා වැදගත් වනු ඇත.

Onboarding New Employees: Maximizing Success” යන කෘතියෙහි කතුවරයා වන ආචාර්ය ටාලියා බවර් සේවක රඳවාගැනීමේ ප්‍රධාන මට්ටම් හතරක් පෙන්වා දී තිබෙනවා.

  • අනුකුලතාවය (Compliance)
  • පැහැදිලි කිරීම (Clarification)
  • සංස්කෘතිය (Culture)
  • සම්බන්ධතාවය (Connection)

මේ පිළිබඳව අපි වැඩිදුරටත් විමසා බලමු,

අනුකුලතාවය
(Compliance)

පැහැදිලි කිරීම
(Clarification)

සංස්කෘතිය
(Culture)

සම්බන්ධතාවය
(Connection)

නෛතික හා ප්‍රතිපත්තිමය ගැටලු විසඳීමේ වගකීම මානව සම්පත් කළමනාකරණ අංශය විසින් භාරගත යුතුයි.

නව කාර්යභාරය සේවකයාට නිසි ලෙස සන්නිවේදනය කළ යුතුයි.සමාගමේ වටිනාකම් හා සම්මතයන්ට ඔවුන් නිරාවරණය කිරීම අත්‍යවශ්‍ය වේ.ජාලකරණය දිරිමත් කල යුතුයි.
ඔහුට/ඇයට අනුගත වීමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන සේ මුල සිටම මෙය ආරම්භ කිරීම වඩාත් යහපත් වේ.

පුහුණුවට වඩා උපදේශනය කෙරෙහි අවධානය යොමු කිරීම  (පුහුණුව අනවශ්‍ය බව මින් අදහස් නොවේ.)සමාගමේ දැක්ම හා මෙහෙවර ඔවුන්ට දැනුම් දිය යුතුය.සේවා පරිසරය තුළ ඔවුන්ට සුව පහසු හැඟීමක් ඇති කළ යුතුය.
දින 30 – 90 ත් අතර කාල සීමාවක මෙය පවත්වා ගන්න.

 ඔවුන්ට සේවක අත්පොතක් ලබා දෙන්න.තොරතුරු ජාලවලට ඒවා සම්බන්ධ කිරීම අත්‍යවශ්‍යය වේ.

ඉහත සඳහන් උපක්‍රම අනුගමනය කිරීමෙන් ඔබ නිසැකවම නිවැරදි මාර්ගයට පිවිසෙනු ඇත. නමුත් ඔබේ සේවක රඳවාගැනීම් කොතරම් සඵලදායීද යන්න තක්සේරු කිරීම ඉතා වැදගත් වේ.  මෙම කාර්යය, පුද්ගලික මට්ටමෙන් ඔබ – ඔබගෙන්ම ප්‍රශ්න කරලීම තුළින් සිදු කළ හැකි සේම ඔබේ සමාගම හා කණ්ඩායම ගැන ප්‍රශ්න කරලීම තුළින් වඩා පුළුල් දෘෂ්ටි කෝණයකින් මෙය සිදු කළ හැකියි.

කෙසේ වුවද පහත දැක්වෙන්නේ සේවක රඳවාගැනීමේදී ඔබට ඇසිය හැකි ඇතැම් වැදගත් ප්‍රශ්න කිහිපයකි.

  • නව සේවකයින් සේවය කිරීමට සහ කණ්ඩායම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කොතරම් ධෛර්යමත් වී ඇත්ද?
  • ඔවුන් රැකියාවට සාදරයෙන් පිළිගන්නා බවත් ඔවුන්ට වෙනත් පැරණි සේවකයින්ගෙන් පිළිගැනීමක් ලැබෙන බව ඔබ සිතන්නේද?
  • රැකියාවේ අවසාන පරමාර්ථය කෙරෙහි ඔවුන් කෙතරම් අවධානය යොමු කර ඇත්ද?           
  • ඔබේ නව සේවකයින් තම වගකීම් ඉටු කිරීම සඳහා වැඩ කරන පරිසරය හිතකාමී ද?    
  •  ඔවුන් සමාගම් ක්‍රියාවලිය පිළිබඳ ඵලදායී ප්‍රතිපෝෂණයක් ලබා දෙනවාද?

මෙම උපක්‍රම අනුගමනය කිරීමෙන් නියත වශයෙන්ම සේවකයින් ආරම්භයේ සිටම මෙම ක්‍රියාවලිය තුළ රැඳී සිටින අතර දිගු කාලීනව  එය සමාගමට ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට හැකි වනු ඇත.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X