English (ඉංග්‍රීසි) සිංහල தமிழ் (දමිළ) භාෂාවෙන් කියවන්න

අද අපට අවශ්‍ය කරන බොහෝ කටයුතු කර ගැනීමට සමාජ මාධ්‍ය (Social Media) වැදගත් වෙනවා. ඔබට ඔබේ අලුත් නිෂ්පාදනයක් (Product) ප‍්‍රවර්ධනය (Promote) කර ගැනීමට අවශ්‍යද? සමාජ මාධ්‍ය (Social Media) භාවිත කරන්න. ඔබට අවශ්‍යද ව්‍යාපාරික ලෝකයේ ඔබේ නාමය සටහන් කරන්න? ඒ සඳහාත් සමාජ මාධ්‍ය (Social Media) භාවිත කරන්න. විශේෂයෙන්ම, අද කාලයේ අලුතෙන්ම ආරම්භ කරන කුඩා හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් (Startup) ආරම්භ කිරීමම, සමාජ මාධ්‍ය අලෙවිකරණය ආරම්භ කිරීමක් ලෙස සැලකිය හැකියි. කෙසේ වෙතත්, එය පහසුවෙන් කළ හැකි දෙයක් වන්නේත් නැහැ. ඉතින් අපි බලමු, සාර්ථකව සමාජ මාධ්‍ය ප‍්‍රවර්ධනය සිදුකිරීම සඳහා අපි සැලකිල්ලට ගත යුතු කරුණු මොනවාද යන්න පිළිබඳව.

සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ළඟා කරගැනීම සඳහා අනුගමනය කළ යුතු හොඳම ක‍්‍රමය ලෙස පෙන්වා දිය හැකි නිශ්චිත ක‍්‍රමවේදයක් නැහැ. නමුත්, සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධන කටයුතු කිරීමේදී ව්‍යාපාරික ලෝකයේ දැනට සාර්ථකව භාවිත වන උපක්‍රම කිහිපයක්, ඔබටත් යොදා ගත හැකියි. දැන් ඒ උපක්‍රම මොනවාද යන්න විමසා බලමු.

සෑමවිටම සක‍්‍රීය වන්න.
ඔබගේ පණිවිඩවලට (messages) ඉක්මනින් ප‍්‍රතිචාර ලැබෙනවා නම්, ඔබ කැමතියි නේද? එයට හේතු වන්නේ, ඔබව කවුරුන් හෝ විසින් වැදගත් ලෙස සලකනවාට ඔබ කැමැත්තක් දැක්වීම. මෙය, සෑම අයෙකුටම පොදු ලක්ෂණයක්. එමනිසා, ඔබට ලැබෙන අදහස් (Comments) සහ පණිවිඩ (Messages) වලට නොපමාව ප‍්‍රතිචාර දක්වන්න.

ඉලක්කගත ප‍්‍රජාවට අනුකූලව කටයුතු කරන්න.
රටේ හා ලෝකයේ සිදුවන දේ පිළිබඳව අවධානයෙන් සිටිමින්, ඔබේ ඉලක්කගත ජන කොට්ඨාශය අතර වැඩි වශයෙන් කතා බහට ලක් වෙන දේ හඳුනා ගන්න. ඒ මාතෘකා හා සම්බන්ධ කරගනිමින් ඔබේ ප්‍රවර්ධන කටයුතු කළ හැකි නම්, ඔබ සමාජ මාධ්‍ය තුළ පළකරන දේ සඳහා ලැබෙන ප්‍රසිද්ධිය ස්වභාවිකම සහ අමතර ආයාසයකින් හෝ මුදල් වැය කිරීමකින් තොරව වැඩි කර ගත හැකියි. මීම් (Meme) පළකිරීමත්, ආකර්ෂණීය ලෙස ප්‍රවර්ධන කටයුතු කළ හැකි ආකාරයක්.

වැදගත්ම දේ වන්නේ නිරවද්‍යභාවයයි.
ඔබත් ව්‍යාජ දැන්වීම් (fake ads) දැක තිබෙනවා නේද? උදාහරණ කිහිපයක් පහත පරිදි දැක්විය හැකියි.
“You have just won one million dollars!! (ඔබ – කිසිවක් නොකර – ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් දිනා ඇත)!!”
“You have been selected for a foreign tour!! (ඔබ විදේශ සංචාරයක් සඳහා තේරී ඇත)!!”
එසේ නැතිනම්, එතරම්ම සාවද්‍ය නොවන නමුත් නොමඟ යවනසුලු පහත ආකාරයේ පණිවිඩ?
“Best price in the county, all imported material! (රටේ හොඳම මිල, ආනයනික භාණ්ඩ පමණි!”
ඔබටත් මෙවන් අලෙවිකරණ අදහස් එනවා නම්, එම අදහස් දැන්ම අත්හැර දමන්න.

සමස්තයක් ලෙස ගත් විට, සමාජ මාධ්‍ය යනු ඉතා සංකීර්ණ අන්තර් සම්බන්ධතා සිදු වන අවකාශයක්. මෙම අවකාශය තුළ සත්‍ය වශයෙන්ම සාර්ථක විය හැක්කේ, දක්ෂයින් අතරිනුත් දක්ෂයන්හට පමණයි. කෙසේ වෙතත්, මෙම අවකාශය තුළ කුඩා හෝ ඉඩක් වෙන් කර ගැනීමට ඔබටත් නොහැකි බව එයින් අදහස් වන්නේ නැහැ. මේ හඳුන්වා දුන් ක‍්‍රමවේද භාවිතා කර බලන්න. එමෙන්ම නව ක‍්‍රමවේද අත්හදා බලන්නත් පසුබට වන්න එපා.

English (ඉංග්‍රීසි) සිංහල தமிழ் (දමිළ) භාෂාවෙන් කියවන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here