spot_imgspot_img

පාරිභෝගික තෘප්තිමත්භාවය මිණීමේ  සමීක්ෂණ

නොයෙක් අවභාවිතා, සෘණාත්මක චර්යාවන් නිසා දැනට සිටිනා පාරිභෝගිකයින් අහිමි වන අවස්ථාවන්හි දී නව ගණුදෙනුකරුවන් සිය ව්‍යාපාර කෙරෙහි ආකර්ෂණය කර ගැනීම සඳහා ව්‍යාපාරවලට බොහෝ විට ඔවුන්ගේ ශක්තිය, කාලය සහ මුදල් වැය කිරීමට සිදු වේ. නව පාරිභෝගිකයින් සොයා ගැනීමට වඩා දැනට සිටින ගණුදෙනුකරුවන් රැක ගැනීම සඳහා වැය වන පිරිවැය බොහෝ සෙයින් අඩු බව බුද්ධිමත් ව්‍යවසායකයින් ඉක්මනින් වටහා ගනී. ඔබ දිගටම හොඳ පාරිභෝගික සේවාවක් ලබා නොදෙන්නේ නම්, ඔබේ ගණුදෙනුකරුවන් ඔබ සමඟ දිගටම රැඳී නොසිටින බව තවදුරටත් අරුමයක් නොවේ. එබැවින්, හිතකර විවේචන එක්රැස් කිරීම සඳහා හා පොදුවේ වාර්තා වන ගැටළු සමාලෝචනය කිරීමට සහ ඉගෙන ගැනීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා, පාරිභෝගික තෘප්තිමත්භාවය මිණීමේ  සමීක්ෂණයක් සිදුකිරීම යෝග්‍ය ක්‍රමවේදයකි.

පාරිභෝගික තෘප්තිමත්භාවය මිණීමේ  සමීක්ෂණය ඔබේ ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සඳහා යොදා ගත හැකි  විශිෂ්ට මෙවලමකි. මේ තුලින් ව්‍යාපාරයකන්පාරිභෝගිකයින් අසතුටට පත් කරන කරුණු සහ  ඉදිරියේදී වඩා හොඳින් කටයුතු කළ හැක්කේ  කෙසේද යන්න සොයා බලා  ගැනීමට හැකිය.

එබැවින්, ඔබේ සමීක්ෂණයේ ධනාත්මක සහ සෘණාත්මක සංජානන පිළිබඳ නිශ්චිත තොරතුරු අඩංගු වීම වැදගත් වන අතර එමඟින් ඔබේ ගණුදෙනුකරුවන්ගේ සංවේදී  ප්‍රතිචාර අවබෝධ කර ගැනීමට ඔබට අවකාශ සලසා දෙනු ඇත.

සාර්ථක පාරිභෝගික තෘප්තිමත් සමීක්ෂණ පෝරමයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රයෝජනවත් උපදෙස් 7ක්:

  1. එය කෙටියෙන් හා සරලව තබා ගන්න
  2. ස්ථාවර ශ්‍රේණිගත කිරීම් පරිමාණයන් භාවිතා කරන්න
  3. ප්‍රධාන ප්‍රශ්නවලින් වළකින්න
  4. ඔව්/නැත ප්‍රශ්න හැකිතාක් අඩංගු කරන්න
  5. උපකල්පනවලින් වළකින්න, ඔබේ ප්‍රශ්නය ගැන නිශ්චිත වන්න
  6. ඔබ ලබා දී ඇති වරණ පමණක් භාවිතා කර පිළිතුරු දීමට ඔවුන්ට බල කරනවා වෙනුවට, ගණුදෙනුකරුවන් සැබවින්ම සිතන්නේ කුමක්ද? යන්න තේරුම් ගැනීමට උපකාරී වන විවෘත ප්‍රශ්න භාවිතා කරන්න.
  7. ඔබේ සමීක්ෂණයට සහභාගී වන පාරිභෝගිකයින් සඳහා දිරිගැන්වීමක් ලෙස කුඩා පාරිතෝෂිකයක් ලබා දීම සලකා බලන්න. මෙය ප්‍රතිපලදායක විය හැකි බැවින් ඔබේ විනිශ්චය භාවිතා කරන්න!

ඔබේ සමීක්ෂණයට ඇතුළත් කිරීමට අවශ්‍ය ප්‍රශ්න මාලාව ඔබේ ව්‍යාපාරය සහ එහි අරමුණ අනුව වෙනස් විය හැක. වාසනාවකට මෙන්, like Survey Monkey, Zoho Survey, Google Forms සහ Key Survey වැනි මෙවලම් තුලින් අපහසුතාවයකින් තොරව සමීක්ෂණයක් ව්‍යුහගත කිරීම සඳහා සැලසුමක්, මග පෙන්වීමක්  ලබා දීමෙන් සමස්ථ ක්‍රියාවලිය පහසු කර ඇත.

ඔබේ සමීක්ෂණයට ඇතුළත් කිරීමට අවශ්‍ය ප්‍රශ්න ගොඩනඟා ගැනීමට ඉහත ඉඟි භාවිතා කර ඔබේ ගණුදෙනුකරුවන් ඔබේ ව්‍යාපාරය සමඟ කෙතරම් තෘප්තිමත්ද හෝ නැතිද යන වග වටහා ගෙන ඔවුන්ට වඩාත් හොඳ සේවාවක් ලබා  දිය හැකි ආකාරය සොයා ගැනීමට සමීක්ෂණයේ ප්‍රතිඵල භාවිත කරන්න.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X