spot_imgspot_img

සේවා ස්ථානයේ නිර්මාණශීලීත්වය නැංවීම කෙරේ ඔබේ දායකත්වය කෙබඳුද?

නිර්මාණශීලීත්වය වෙනමම වෘත්තියක් හෝ හුදු විනෝදාංශයක් වූ කාල වකවානුව ඔබට මතකද? නමුත් වර්තමානයේදී තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස් වී තිබේ. වේගයෙන් වෙනස් වන නූතන ලෝකයේ දී ඔබේ තරගකරුවන්ගෙන් එල්ල වන අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට නම් ඔබේ සේවා ස්ථානය නිර්මාණශීලීත්වයෙන් අනූන මෙන්ම  නිර්මාණශීලී පුද්ගලයන්ගෙන් පිරුණු තැනක් විය යුතුයි. නායකයෙකු ලෙස, ඔබ යටතේ සේවය කරන පුද්ගලයින් තුළ නිර්මාණශීලීත්වය හඳුනා ගෙන ඔවුන් දිරිමත් කිරීමට ඔබ උත්සාහ දරනවා ද? ඔබේ පිළිතුර “ඔව්” විය යුතුයි. නො එසේ නම් ඔබ පහත කාරණා පිළිබඳ බැරෑරුම් ව සලකා බැලිය යුතුයි.

ඔබේ සේවකයන්ට නිදහස ලබා දෙමින් අවශ්‍ය විට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබා දෙන්න.
සේවකයන්ට විවිධාකාර වූ දෘෂ්ටි කෝණ වලින් විමසා බලන්නට හැකියාව පවතින, විවෘත හා කුතුහලයෙන් සපිරි මනසක් පැවතිය හැකි සංස්කෘතියක් (Working Culture) සේවා ස්ථානය තුළ ගොඩ නගන්න. සෑම පුද්ගලයෙකුට ම තමාට ම ආවේණික වූ අනර්ඝ අදහස් ඇති නිසා විධිමත් හා කාලෝචිත ලෙසින් සාමූහික සාකච්ඡා පැවැත්වීමෙන් සංවිධානයට බොහෝ ප්‍රයෝජන ගත හැකි වනු ඇත. බුද්ධිකලම්බනය තුළින් ඔවුන් හට,  සෑම කෙනෙකුම සුවිශේෂී නිපුණත්වයක් දක්වන ක්ෂේත්‍රයක් මෙන්ම සෑම කෙනෙකුටම ආවේණික චින්තන රටාවක් ද ඇති බව අවබෝධ කර දිය හැකියි. මෙමගින් තමන් රැකියාව කරන සංවිධානය හා කණ්ඩායම තුළ තමන්ට අනන්‍ය වූ ‘වැදගත්’ ස්ථානයක් ඇතැයි සේවකයන්ට හැඟෙන අතර මේ හේතුවෙන් එකී කණ්ඩායම හා සංවිධානය සමඟ ඇති බැඳීම වඩාත් ශක්තිමත් වනු ඇත. එමෙන්ම ඔවුන්ගේ ආත්ම විශ්වාසය තව තවත් වැඩිදියුණු වීමට මෙය හේතු වනු ඇත.

විවිධත්වය ඇති කර ගැනීමට අනුබල ලබා දෙන්න.
පුද්ගලයෙක් පිළිබඳ ව හෝ කෙනෙකුගේ  චින්තනය පිළිබඳව විවේචනය නො කිරීමට වග බලා ගන්න. සියලු ම දෙනා විවිධ සමාජ පසුබිම් හා මට්ටම් වලට අයත් වන බවත් ඔවුන් සතුව විවිධ ශක්තීන්, දුර්වලතා, දෘෂ්ටි කෝණ, කුසලතා හා ජීවිත අත්දැකීම් පවතින බවත් වටහා ගන්න. මේ කිසිදු වර්ගයක පුද්ගලයෙකු පිළිබඳව පූර්ව මත වලට එළඹීමෙන් වළකින්න. හැකි හැමවිටකම හා අවශ්‍ය සෑම විටම රැකියාවක එකිනෙකා අතර කාර්යයන් හුවමාරු කිරීමට වග බලා ගන්න. එවිට සෑම අයෙක්ම එකිනෙකාගේ රාජකාරීන් පිළිබඳව මනා අවබෝධයක් ලබාගනු ඇත.

සැ.යු: කෙසේ වෙතත්, විවිධත්වය ඉතා පුළුල් වපසරියක විහිදෙන අතර එය හුදෙක් නවෝත්පාදන සංස්කෘතියක් (culture of innovation) පෝෂණය කිරීමට බොහෝ සෙයින් උපකාරී වනවා. විශිෂ්ට සේවා ස්ථානයක් ගොඩනඟන්නේ කෙසේ දැයි දැන ගැනීමට අවශ්‍ය නම් ලෝක විශ්ව විද්‍යාල සේවා කවුන්සිලය මගින්  සකස් කරන ලද විවිධත්වය සහ ඇතුළත් කිරීම සඳහා වූ මෙවලම් කට්ටලය (Diversity and Inclusion Toolkit) පරික්ෂා කර බලන්න.

නවෝත්පාදක චින්තනයට සහයෝගය දක්වන්න.
ඔබ වැඩ කරන පරිසරයෙන් නවෝත්පාදන සඳහා මෙන්ම නිර්මාණාත්මක චින්තනයට විශාල බලපෑමක් කරන බව ඔබ දැන සිටියා ද? එබැවින් ඔබට අයත් කණ්ඩායම නවීකරණය කිරීමට ඔබට වුවමනා නම්, සෑම විටම ඔබ නවෝත්පාදන සඳහා ත්‍යාග ලබා දීමටත්, ඒවා අගය කිරීමට හා දිරිගැන්වීමටත් වග බලා ගන්න. මෙහි දී නව විකුණුම් ක්‍රමෝපායන් හෝ ඒ හා සමාන ව්‍යාපාර වැඩිදියුණු කිරීම් වලට පමණක් සීමා නොවිය යුතුයි. ජීවිතය පහසු කරවන අරමුණ සහිතව එදිනෙදා කාර්යාලීය පරිසරයේ සිදු වන ඕනෑම නව්‍ය ක්‍රියාවක් අගය කළ යුතුයි. ඒ තුළින් නිතර නිතර නව්‍යකරණය වීමට සේවකයන් ව පොලඹවනු ඇත.

සේවා නියුක්තිකයන්ගේ දැනුම වර්ධනය කරන්න
ඔබට සේවකයින්ට බොහෝ දේ පිළිබඳව දැනුම ලබා දිය හැකිය.  පළමුවෙන්ම, ඔවුන්  සමාගම ක්‍රියා කරන ආකාරය දැන ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. සමාගම තුළ පවතින දැනුම් සමුදාය වැඩි කරමින් දියුණු කිරීමට  අවශ්‍ය උපකාර සේවකයින්ට ලබා දීම තුළින්   විකල්ප විසඳුම් සෙවීමටත්, නිර්මාණයට මෙන් ම නව්‍යකරණය වීමටත් අවශ්‍ය දායකත්වය  ලබා දිය හැකිය. සමාගම ගැන පමණක් නොව, තමන්ගේ ක්ෂේත්‍රය සම්බන්ධව ලෝකයේ පවතින නව ප්‍රවණතා ගැන දැනුම්වත් වීමට අවස්ථාව සැලසීමටත්, වෙනස් වන ලෝකය සමඟ කටයුතු කිරීමට අවශ්‍ය සාමාන්‍ය බුද්ධිය සහ වෙනත් හැකියාවන් යාවත්කාලීන කිරීමත් ඔබ විසින් කළ යුතුය. ඔබේ ව්‍යාපාරයට අදාළ බ්ලොග් (Diriya.lk වැනි වෙබ් අඩවි) කියවීමට හා අනුගමනය කිරීමට ඔබේ සේවකයන් ව දිරිමත් කරන්න, හැකි නම්, Lynda.com, Udemy, Coursera සහ Guru.lk. වැනි e-Learning portals හී ඇති online පාඨමාලා  සඳහා යොමු කරන්න. ඔබේ සේවකයින්ගේ දැනුම හා අවබෝධය ඔවුන්ට ම පමණක් සීමා නොවී, සම සේවකයින්ගේ කාර්යයන්  තේරුම් ගැනීමේ හැකියාව තෙක් වැඩි දියුණු වීම ද ඉතා වැදගත්ය.

මෙය අපහසු කාර්යයක් ලෙස සිතෙනවාද?

ඔබ මෙතෙක් පවත්වා ගෙන ආ ක්‍රමයට ම වැඩ කටයුතු කරන විට, අවදානම් ගැනීමට සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව ක්‍රමෝපායන් සොයා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ නිසා සේවා ස්ථානයේ නිර්මාණශීලීත්වය වැඩි දියුණු කිරීමට ඇති හැකියාව ද නැති වී යයි. එබැවින් පෙර සඳහන් කළ කාරණාවලට හුරු වීම ඔබට කොතරම් දුෂ්කර කාර්යයක් වුවත්, සමාගම වැඩි දියුණු කර ගැනීම ඔබේ  අපේක්ෂාව නම් ඒවා අනුගමනය කිරීම අනිවාර්යය වේ.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X