අඟහරුවාදා, ඔක්තෝබර් 20, 2020

april, 2020

09apr10:0011:30Featuredඅන්තර්ජාල වැඩමුළුව: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට COVID-19 වෛරසය හේතුවෙන් මුහුණ පෑමට සිදුවන ගැටළු වලට සාර්ථකව මුහුණ දිය හැක්කේ කෙසේද?10:00 - 11:30

Event Details

ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රය මඟින් සංවිධානය කෙරෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට COVID-19 වෛරසය හේතුවෙන් මුහුණ පෑමට සිදුවන ගැටළු වලට සාර්ථකව මුහුණ දිය හැක්කේ කෙසේද? අන්තර්ජාල වැඩමුළුව,
2020 අප්‍රේල් මස 09 දින (බ්‍රහස්පතින්දා) පෙව 10.00 සිට පෙව 11.30 දක්වා පැවැත්වේ.

ලියාපදිංචි වීම සඳහා කරුණාකර yasura@chamber.lk හෝ inshaf@chamber.lk වෙත විද්‍යුත් තැපැල් පණිවිඩයක් යවන්න.

වසංගත බලපෑම හේතුවෙන් බොහෝ ව්‍යාපාර කටයුතු ඇණ හිට ඇති හෝ අඩාල වී ඇති වත්මන් වාතාවරණය, බොහෝ ව්‍යවසායකයන්ට අභියෝගාත්මක වී ඇත. මෙම තත්ත්වය යටතේ සාර්ථකව ඉදිරියට යාම සඳහා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සිය ව්‍යාපාර ආකෘතිය නැවතත් සලකා බැලීමට සිදු වනු ඇත. මෙම අන්තර්ජාල වැඩමුළුවේදී පහත මාතෘකාද ඇතුළත්ව පවත්නා තත්ත්වය පිළිබඳ විවරණයක් සිදුකෙරෙමින්, අනාගතයේ ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ පුරෝකථනයක්ද සිදු කෙරෙනු ඇත:
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සිය ව්‍යාපාර ආකෘතිය නැවතත් සලකා බැලිය හැක්කේ කෙසේද? එය අවශ්‍ය වන්නේ මන්ද?
කාරක ප්‍රාග්ධනය, මුදල් ගලායාම සහ බැංකු හා වෙනත් මුල්‍ය ආයතන සමඟින් සාකච්ඡා කිරීම ඇතුළුව මුල්‍ය කළමනාකරණය
ආයෝජන මත වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා භාවිතා කළ යුතු අලෙවිකරණ ක්‍රමෝපාය
සැපයුම්-දාම හා සම්බන්ධ ගැටළු සහ ක්‍රියාන්විත
මානව සම්පත් ක්‍රමෝපාය සහ ගැටළු
නායකත්වය සහ සන්නිවේදනය හා සම්බන්ධ භූමිකා සහ ක්‍රමෝපාය
COVID-19 හි ප්‍රතිඵලයක් ලෙස උදාවෙන නව අවස්ථා
සංවාදය සඳහා එක්වන ප්‍රවීණයින් වන්නේ, Paramount Realtyහි සම-නිර්මාතෘ / ප්‍රධාන විධායක නිලධාරී හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සභික ආචාර්ය නිර්මාල් ද සිල්වා, Snipexx Academy of Businessහි අධ්‍යක්ෂ / සම-නිර්මාතෘ යසස් හේවගේ මහත්මා සහ JKSE Consultantsහි ප්‍රධාන උපදේශක ලසින්ත ප්‍රදිනාන්දු මහත්මායි. ලංකා වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සහකාර මහ ලේකම් චන්ද්‍ර විතානගේ මහතා විසින් සංවාදය මෙහෙයවෙනු ඇත.

Time

(Thursday) 10:00 - 11:30

Organizer

The Ceylon Chamber of CommerceThe Ceylon Chamber of Commerce was established on 25 March, 1839. In The Ceylon Chamber of Commerce 1839 – 2004 a Historical Review, after referring to the factors that led to the formation of the Chambers in South Asia, South East Asia and East Asia, it is stated that the decisive nudge to establish a Chamber of Commerce in Ceylon came from Governor Stewart Mackenzie who was keenly interested in promoting Agriculture and Trade. As of today, the Ceylon Chamber of Commerce functions as a Confederation of Trade Associations, Regional and Sectoral Chambers of Commerce and Industry, Bilateral Business Councils and Employer Organisations in Sri Lanka.info@chamber.lk The Ceylon Chamber of Commerce, 50, Navam Mawatha, Colombo 02, Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

X