spot_imgspot_img

වඩාත් ඵලදායී අයුරින් ඔබට අවැසි කාර්යයන් පවරන්නේ කෙසේද?

“මේ තරම් වැඩ ප්‍රමාණයක් කොහොම කරගන්නද?” යැයි සිතමින් නිතරම ඔබ ආතතියට පත් වෙනවාද? එසේත් නැත්තම් ඔබගේ කණ්ඩායමෙන් ප්‍රමාණවත් තරමේ සහයෝගයක් නොලැබෙන නිසා සියල්ල අත් හැර දැමීමට ඔබට සිතෙනවාද?

නිසි ලෙස කාර්යයක් පැවරීමද, එක්තරා අන්දමක කුසලතාවක් බව ඔබ දන්නවාද? ඇතැම්විට ඔබට ඇතිව තිබෙන බොහෝ ගැටලුවලට හේතු වී ඇත්තේ කාර්ය පැවරීම සඳහා ඔබ සතු විය යුතු හැකියාව නොමැති වීම විය හැක.

ඔබ යටතේ සිටිනා අයෙකුට, මිතුරෙකු හට හෝ වෙනත් අයෙකුට කාර්‍යයක් පැවරීමේදී ඒ සඳහා නිවැරදිම පුද්ගලයා තෝරාගත යුතුය. එවිට ඔබ හට, වඩා වැදගත් කර්තව්‍යයක් කෙරේ අවධානය යොමු කළ හැක. කාර්‍යයක් පැවරූ විටෙක, එම කාර්‍යය සඳහා නිතිපතා මඟ පෙන්වීම් සහ උපදෙස් වෙනුවෙන් වූ ඉල්ලීම් ඔබ අපේක්ෂා නොකරනවාට සැක නැත. එබැවින් අදාල අවශ්‍යයතාවය හඳුනාගෙන, බලාපොරොත්තු වන කාර්‍යය ඉටුකිරීමට ශක්‍යතාවයක් ඇති අයෙකු තෝරාගැනීම ඉතා වැදගත් වේ. සරලව ගත හොත්, හෘද ශල්‍ය වෛද්‍යවරයෙකු හට, හෙදියක් වෙත ශල්‍යකර්මයක් පැවරිය හැකිද? එබැවින් සුදුසු පුද්ගලයා තෝරාගැනීම අත්‍යවශ්‍යය වේ. එමෙන් ම ස්වාධීනව සහ ඵලදායී අන්දමින් එම කාර්‍යය හැසිරවීමට හැකි වන අන්දමින් එම පුද්ගලයාට ඔබ විසින් කාර්‍යය පැහැදිලි කිරීමද වැදගත් කරුණකි.

වැඩ පැවරීම නිසියාකාරයෙන් ආරම්භ කිරීමට ඔබට අවැසිද?

ඒ සඳහා අත්‍යවශ්‍ය උපදෙස් කිහිපයක්:

1.සූදානම් වීම හා අභිප්‍රේරණය2.සන්නිවේදනය3.ඇගයීම

පැවරිය යුතු කාර්යය කුමක්ද යන්න පිළිබඳව හොඳ වැටහීමක් මෙන්ම, ඒ සඳහා හොඳ සූදානමක් ඔබ සතු විය යුතුයි.

එසේම ඔබ එම කටයුත්ත පවරන්නේ කවර පුද්ගලයාටද හා ඔහු හෝ ඇය පිළිබඳව ඔබ හොඳින් දැන සිටිය යුතුයි.

තවද එම පුද්ගලයාට එකී කටයුත්ත ඉටු කරගෙන යාම උදෙසා අවශ්‍ය සම්පත් පවතීද යන්න සිතා බැලීමද වැදගත් වේ. 

කිසියම් හෝ දිනක මෙම වැඩ පැවරීම් කටයුත්ත කොතරම් දුරට වැදගත්වනවාද යන්න පිලිබඳව ඔබ ඔබේ සේවා නියුක්තියන් සමඟ කතා කර තිබෙනවාද?
ඔවුන්ට “එම කාර්යය කුමක්ද?”, “එය ඉටු කරන්නේ ඇයිද?” යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් පවතීද?

ඒ ඒ පුද්ගලයාට එම කාර්යයේ අඛණ්ඩව නියැලීමට හැකියාව පවතීද?

ඔබේ කණ්ඩායමට මෙම වැඩ පැවරීමේ කාර්යයේ ඇති වැදගත්කම කුමක්ද යන්න පිළිබඳව හොඳ අවබෝධයක් තිබේද?

සන්නිවේදනය නිසියාකාරව සිදු වේද?(ග්‍රාහකයාගෙන් සන්නිවේදකයාටත් සන්නිවේදනය සිදු වන ලෙසින්)
වැඩ පැවරීම තුළින් සිදු වන කාර්යක්ෂමතාව හා කාර්ය සාධකත්වය ඇගයිය  හැකි ක්‍රමවේදයක් ඔබ සතුව පවතීද?

පැවරූ කාර්යය සේවා යෝජකයින් විසින් පවත්වා ගෙන යන ආකාරය දැන ගත හැකි ක්‍රමයක් ඔබ සතු වේද?








නිසි අධිකාරිත්වයක් යටතේ හෝ නිසි බල ගැන්වීමකින් තොරව  වැඩ පැවරීමකින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකිය. සරල උදාහරණයක් ලෙස ඔබ සමාගමක හිමිකරුවෙකු ලෙස සිතන්න. ඔබ සති දෙකකට විදේශගත වන්නේ නම් ඒ කාලය තුළ ඔබ වෙනුවට ඔබේ කාර්යයන් ඉටු කරන්නට කෙනෙක් අනුයුක්ත කළ යුතු ම වේ.

ඔබ නොසිටින කාලය ඇතුළත ඔබේ සමාගම වෙනත් පාර්ශවයක් සමඟ ගිවිසුමකට එළඹිය යුතු වන තත්වයක් ගැන සිතන්න. සති දෙකක් ඇතුළත එය සිදු කළ යුතු නම් ඔබේ නියෝජිතයාට ඔබ වෙනුවෙන් එහි අත්සන් තබන්නට සිදු වනවා ඇති. එවන් තත්වයක් මත ඔබ විසින් එකී ගිවිසුමේ අවශ්‍යතාවය සහ එහි ඇති ව්‍යාපාරික අරමුණු පිළිබඳව ඔහු / ඇය දැනුවත් කළ යුතුමය. එපමණක් ද නොව, ඔබේ නියෝජිතයා ලෙස ක්‍රියා කිරීමට ඔහුට / ඇයට නෛතික බලයක් තිබිය යුතු අතර, එසේ නොමැති නම් අත්සන් කළ ගිවිසුම අහෝසි වී ප්‍රතික්ෂේප වීමේ අවදානම පවතී. එම නිසා, ඔබ පවරන කටයුත්ත කුමක්ද?, ඔබ එය පවරා ඇත්තේ කාටද සහ එම පුද්ගලයා විසින් පවරන ලද කාර්යය කුමන ආකාරයකින් ඉටු කරනු ඇතැයි ඔබ අපේක්ෂා කරන්නේද? යන්න පිළිබඳව සැම විටම සැලකිලිමත් වන්න.

මෙම කාර්ය පැවරීම පවසන තරමින් ලෙහෙසි පහසු දෙයක් නොවේ. නමුත් ඔබ සතුව විශිෂ්ට කණ්ඩායමක් හා නිසියාකාරව වැඩ පැවරීමේ ක්‍රමවේදයක් පවතී නම් ඔබට ඉතා සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැකි වනු ඇත.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X