spot_imgspot_img

පවුල් ව්‍යාපාරයක නිසි පාලනයේ වැදගත්කම

පවුල් ව්‍යාපාරයක සාර්ථකත්වය එම ව්‍යාපාරයේ පමණක් නොව අදාල ව්‍යාපාරික පවුලෙහි ද වෙනස්වන ගතික ස්වභාවය වටා දෝලනය වේ. පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ ජීවිතයේ කිසියම් අවධියක ව්‍යාපාරය මත යැපෙන්නට ඇති අතර, ව්‍යාපාරයට  දායක වන්නට ද ඇත. ව්‍යාපාරයේ සියළුම වෙන්ස්කම්වල සාර්ථකත්වය රඳා පවතින්නේ එම වෙනස්කම් වලට අනුවර්තනය වීමට පවුලේ සාමාජිකයින්ට ඇති හැකියාව මතය. මෙය ප්‍රායෝගිකව  ගත් කල, පවුලේ ව්‍යාපාරය එක් අවධියකදී ‘ස්වාමිත්ව කේන්ද්‍රීය’ අවධියේ සිට පවුලේ සියලුම සාමාජිකයන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය අතර ‘සහ පැවැත්මක් ඇති’ සංකීර්ණ අවධියකට ගමන් කරයි.

පවුලේ ව්‍යාපාරයක් මෙම අදියර දක්වා විකාශනය වන විට, එය ව්‍යාපාර සබඳතා සහ ව්‍යාපාරයේ ශක්‍යතාව සුරැකීම සඳහා ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස  කටයුතු කරයි. මෙමඟින්  පවුලේ ව්‍යාපාරය තුළ යහ පාලනයක් ගොඩනැගෙන අතර,  පවුලේ ව්‍යාපාරික පරිසර පද්ධතිය තුල  දීර්ඝකාලීන තිරසාර බව සහතික කිරීම සඳහා ප්‍රධානිත්වයක් ගනියි. යහපාලනය පෙරදැරිව ශක්තිමත් ව්‍යාපාරික පවුලක් නිර්මාණය වන  ආකාර හතරක් පහත දැක්වේ.

  • භාරකාරීත්වයේ වගකීම් පිළිබඳව පවුල දැනුවත් කරයි.
  • පවුලේ තරුණ සාමාජිකයන් අනාගත වගකීම් හා තනතුරු සඳහා සූදානම් කරයි.
  • අදාල පවුලට පෞද්ගලික, පවුල් සහ ව්‍යාපාරික සන්ධිස්ථාන බෙදා හදා ගැනීමට සහ සැමරීමට උපකාර කරයි.
  • පවුලේ ව්‍යාපාරයේ ශක්තීන් සහ දුර්වලතා හඳුනා ගැනීමට උපකාරී වේ.

එම කරුණු තනි තනිව සලකා බලමු.

හිමිකාරිත්වයේ වගකීම් පිළිබඳව පවුලේ ව්‍යාපාරයේ හවුල්කරුවන් දැනුවත් කරන්න.

සමාගමක හිමිකාරිත්වයක් පවත්වා ගැනීම පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා බොහෝ වීර්‍යය, අධිෂ්ඨානය සහ වෙහෙස මහන්සි වී කටයුතු කිරීම අවශ්‍ය වේ. ව්‍යාපාරය වත්මන් තත්ත්වයට ගෙන ඒම සඳහා හුදකලාව සටනක නිරත වූ හිමිකරුවන්,ව්‍යාපරය පිළිබඳ නිසි තීරණ ගැනීමේ ක්‍රියාවලියක් හඳුන්වාදීමත් සමඟ සිය ව්‍යාපාරය සමඟ පවුල් සබඳතා සහ පවුලේ නොවන සාමාජිකයන්ගේ සබඳතා ශක්තිමත් කිරීම වඩාත් පහසු වන මනසින් දැකිය යුතුය.

අනාගතය සඳහා තරුණ පවුලේ සාමාජිකයන් සූදානම් කරන්න.

අනුප්‍රාප්තික සැලසුම්කරණයට සමාගම පවරා ගැනීම සඳහා අනුප්‍රාප්තිකයා මෙන්ම දැනට සිටින ප්‍රධාන විධායක නිලධාරියා (හෝ ඒ සඳහා වෙනත් ඕනෑම ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන කළමනාකරුවෙකු) ඉලක්ක කළ කාලය තුළ ඉවත් වීම ඇතුළත් වේ. පවුල් ව්‍යාපාරයට ස්වයං පාලනයක් හඳුන්වා දීමත් සමඟ අයිතිකරුවන් හැඟීම් වලට නතුව තීරණ ගැනීමට වඩාන් අනාගත්ය ගැන ගැබුරින් සිතා කටයුතු කිරීමට ගැනීමට පටන් ගනී.

පුද්ගලික සහ පවුලේ සන්ධිස්ථාන සමරන්න.

පවුලේ ව්‍යාපාරයක් වර්ධනය වන්නේ ප්‍රධාන වශයෙන් පවුලේ සාමාජිකයන් වටා ය. එබැවින් ඔවුන්ගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ව්‍යාපාරයට විශාල බලපෑමක් ඇති කරයි. ව්‍යාපාරයේ සේවය කරන හෝ එහි හිමිකාරිත්වය දරන පවුලේ සාමාජිකයෙකු කිසියම් අධ්‍යාපනික, වෘත්තීය හෝ පෞද්ගලික ජයග්‍රහණයක් අත්කර ගන්නේ නම් හෝ පවුල සන්ධිස්ථානයකට ළඟා වන්නේ නම්, ඔවුන්ගේ සාර්ථකත්වය සැමරීමට පවුලේ අය ඔවුන් වටා ඒකරාශී වීම වැදගත් වේ.

පවුල් ව්‍යාපාරයේ ශක්තීන් සහ දුර්වලතා හඳුනා ගැනීම.

ව්‍යාපාරයක විවිධ වර්ධන අවධීන් ඇත. මෙම අදියරයන් පසු කරන විට, එම ව්‍යාපාරයට අනන්‍ය විය හැකි විවිධ දුර්වලතා සහ ශක්තීන් ව්‍යාපාරය විසින් සොයාගනු ඇත. එවැනි හඳුනාගත් දුර්වලතා ඉවත් කළ යුතු අතරම ශක්තීන් තව තවත්  තහවුරු කළ යුතුය. විශේෂයෙන්ම මානව සම්පත් හා සම්බන්ධ ශක්තීන් සහ දුර්වලතා සම්බන්ධයෙන් නිවැරදි පාලන ව්‍යුහයන් සුදුසු කාල වකවානුවලදී අනුගමනය කිරීමෙන් මෙය කළ හැකිය.

නිසි පාලන ව්‍යුහයක් තිබීම දිගුකාලීනව ව්‍යාපාරයකට ඉතා ප්‍රයෝජනවත් විය හැකි බව මේ කරුණු හරහා අපට පසක් වේ. නමුත්, එයට අවශ්‍ය වටපිටාව සකස් කරන්නේ කෙසේද? 

පහත සඳහන් අංශ ආවරණය වන පවුල් පාලන ව්‍යවස්ථාව මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා කදිම මාර්ගයක් විය හැකිය:

  • පවුලේ වටිනාකම් සහ එහි මෙහෙවර.
  • අධ්‍යක්ෂ මණ්ඩලය සහ උපදේශකයින්.
  • ජ්‍යේෂ්ඨ කළමණාකාරිත්වය.
  • ව්‍යාපාරය සම්බන්ධ ප්‍රතිපත්ති.
  • පවුල් කවුන්සිල්ය, පවුල් සභාව වැනි පවුල් ආයතන.

මෙම රාමු තුල ක්‍රියාත්මක වීමේදී, කිසිවක් අතපසු නොකර, හැන්ගීම වලට මුල් තැන නොදී, සහකම්පනයෙන් යුතුව සිද්ධාන්ත පදනම් කරගත් තීරණ ගත යුතු බව සැමවිටම මතක තබා ගන්න. 

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X