ශ.දු.අ.ත. (SWOT) විශ්ලේෂණය

ඔබ ඔබේ ව්‍යාපාරයේ ශක්තීන් (Strengths), දුර්වලතා (Weaknesses), අවස්ථා (Opportunities) සහ තර්ජන (Threats) හඳුනාගෙන සිටීද?

0
140

English (ඉංග්‍රීසි) සිංහල භාෂාවෙන් කියවන්න

ව්‍යාපාරයක පරිසර විශ්ලේෂණ කිරීම ශ.දු.අ.ත විශ්ලේෂණ මගින් සිදු වෙනවා. මෙය ඔබේ ව්‍යාපාරයේ  උපාය මාර්ග සංවර්ධනය කිරීමට උපකාරී වන සරල, ඒවගේම බලවත් මෙවලමක්.

ශ දු අ ත ( S W O T )යනු, 

  • ශ (S) – ශක්තින්  (Strengths)
  • දු (W) – දුර්වලතා (Weaknesses) 
  • අ (O) – අවස්ථා   (Opportunities)  
  • ත (T) – තර්ජන    (Threats) 

අභ්‍යන්තර පරිසරය අධ්‍යනය කිරීම තුළින්  ශක්තින් හා දුර්වලතා හදුනා ගැනීමට හැකි අතර එම ශක්තීන් ව්‍යාපාරයේ වර්ධනය සදහා යොදා ගත හැකියි. එසේම එමඟින් දුර්වලතා අවම කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. අභ්‍යන්තර පරිසර සාධක ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව වෙනස් විය හැකියි. මෙම කරුණු බොහෝ විට ඔබගේ  කණ්ඩායම, ස්ථානය, බුද්ධිමය දේපල, පේටන්ට් බලපත්‍ර ආදී කරුණු සමඟ සම්බන්ධ වෙනවා.

බාහිර පරිසරය අධ්‍යනය තුළින්ද ව්‍යාපාරයට ඇති අවස්ථා හා තර්ජන හදුනාගන්න පුළුවන්. එමෙන්ම අවස්ථා ප්‍රයෝජනයට ගැනීමටත්, තර්ජන සදහා සාර්ථකව මුහුණ දීමටත් ව්‍යාපාරිකයෙකු වන ඔබට මෙමඟින්  හැකියාව ලැබෙනවා. මේවා සංවිධානයේ පාලනයෙන් බැහැර බාහිර සාධක සමඟ සම්බන්ධයි. මේවා පාලනය කළ නොහැකි ව්‍යාපාරයෙන් පිටත විශාල පරිසරයක් නියෝජනය කරනවා. උදාහරණයක් ලෙස, තරඟකරුවන්, අමුද්‍රව්‍යවල මිල, රටක නීති සහ රෙගුලාසි, පාරිභෝගිකයා, නැව්ගත කිරීමේ ප්‍රවණතා ආදිය බාහිර සාධක ලෙස සැලකිය හැකියි.

ශ.දු.අ.ත ( SWOT ) විශ්ලේෂණයක් කළ යුත්තේ කවුද?

ව්‍යාපාරයක කළමනාකරණ භූමිකාවන් ඉටු කරන පුද්ගලයින් ශ.දු.අ.ත  (SWOT) විශ්ලේෂණයට සම්බන්ධ විය යුතුය. ව්‍යාපාරයේ විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් යුත් පිරිසක් සම්බන්ධ වූ විට එම විශ්ලේෂණය වඩාත් ඵලදායී එකක් බවට පත් වෙනවා. ඒ සෑම කෙනෙකුටම එහි කොටස් කරුවෙක් වීම වැදගත්. එය ව්‍යාපාරයේ සහ ඔබගේ කණ්ඩායමේ විවිධ වූ අදහස් ලබා ගන්නා වූ සැසියක් විය හැකියි. නැතහොත් එය වඩාත් බැරෑරුම් හා උපායමාර්ගික මට්ටමින් පැවැත්විය හැකියි. පුද්ගලයින්ගේ අදහස් එකතු කර ගැනීම සඳහා යොදා ගන්නා මෙම ක‍්‍රමවේදය ක‍්‍රියාවට නැංවිමේදී පහත කාණ්ඩ හතර යොදා ගත යුතුයි;

ශක්තීන්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන, 

මෙම එක් එක් කාණ්ඩයට අඩංගු විය හැකි දේ සොයා බලමු

ශක්තීන්

මේවා සංවිධානයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි අභ්‍යන්තර සාධක වේ. මේවා ඔබට වෙළඳපොළ තුළ ඉහළ තලයක සිටීමට සහ ඔබේ වෙළඳපොළ කොටස සහ  ව්‍යාපාරයේ වර්ධනය පවත්වා ගැනීමට උපකාරී වේ. ඔබේ ශක්තීන් හඳුනා ගැනීම සඳහා පහත සඳහන් ප්‍රශ්න මඟ පෙන්වීමක් ලෙස යොදා ගත හැකියි.

  • තරඟයෙන් ඉදිරියෙන් සිටීමට සාර්ථක හා ඵලදායී වන ඔබගේ ව්‍යාපාරය හෝ සංවිධානය සතුව පවතින ක්‍රියාවලී මොනවාද?
  • අනෙක් අයට වඩා ඔබගේ ව්‍යාපාරය ඉහළින් තැබිය හැකි වටිනා වත්කම් (පුද්ගලයන් ද ඇතුළුව) මොනවාද?
  • ඔබේ අද්විතීය විකුණුම් යෝජනා (Unique Selling Proposition – USPs) මොනවාද?
  • ඔබේ සංවිධානයේ හෝ වෙළඳ නාමයේ ඇති සුවිශේෂීත්වය කුමක්ද?

දුර්වලතා

ඔබේ ශක්තීන්ගෙන් ඔබව ඈත් කරන සාධක තිබේද? එවැනි සාධක දුර්වලතා වලට අයත්වේ. පහත සඳහන් ප්‍රශ්න තුළින් ඔබේ  සමාගමේ සෘණාත්මක ගති ලක්ෂණ හඳුනාගත හැකිය.

  • කාර්යක්ෂම නොවන ඔබේ ව්‍යාපාරයේ ක්‍රියාවලීන් මොනවාද?
  • ඔබේ සේවකයින් මුහුණ දෙන ගැටළු මොනවාද?
  • ඔබ ඔබේ තරඟකරුවන්ට වඩා පසුගාමී වීමට හේතුවක් තිබේද?
  • ඔබේ නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූලද?

අවස්ථාවන්

ඔබේ සාර්ථකත්වයට සෘජුව හෝ වක්‍රව දායක වන බාහිර සාධක අවස්ථාවන්ට අයත් වෙනවා. බොහෝ විට, මේවා ඔබට භාවිතා කළ හැකි බාහිර පරිසරයේ වෙනස්කම්.

  • ඔබට පක්ෂව නීති රීති වල වෙනස්කම් තිබේද?
  • ව්‍යාපාරය වර්ධනය කිරීමට ඔබට උපකාරී වන සිදුවීම් තිබේද?
  • වෙළඳපොළ වේගයෙන් වර්ධනය වේද?
  • වෙළඳපොළේ නව ප්‍රවණතා ඔබට ධනාත්මක ලෙස බලපාන්නේද?

 

තර්ජන

ඔබේ ව්‍යාපාරයට සෘණාත්මක ලෙස බලපාන හා  ඔබේ ව්‍යාපාරය අඩපණ කළ හැකි බාහිර සාධක හෝ පාර්ශ්වයන් තිබේ නම්, ඒවා තර්ජනය ලෙස හදුනා ගත හැකියි. ඔබ කිසියම් තර්ජනයකට මුහුණ දී ඇත්දැ’යි තේරුම් ගැනීමට පහත සඳහන් ප්‍රශ්න ඔබෙන්ම අසන්න.

  • අනාගතයේ වෙළඳපොළට පැමිණීමේ හැකියාව ඇති තරඟකරුවන් වෙළදපොළට පිවිසීම ඔබට බලපාන්නේ කෙසේද?
  • ඔබ පසුගාමී තත්වයක සිටින විට ඔබේ තරඟකරුවන් තාක්ෂණයන් සමඟ යාවත්කාලීනව කටයුතු කරනවාද?
  • එම නව වෙළඳපොළ ප්‍රවණතාවය ඔබේ ව්‍යාපාරය අවදානමට ලක් කරයිද?
  • පාරිභෝගික චර්යා රටා සෘණාත්මකද?

අවන්හලක් විසින් සිදු කරන ලද SWOT විශ්ලේෂණයක උදාහරණයක් මෙන්න !

 

English (ඉංග්‍රීසි) සිංහල භාෂාවෙන් කියවන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here