spot_imgspot_img

කළමනාකරුවන්ගේ භූමිකාව කුමක්ද?

කළමනාකරණය යනු කණ්ඩායමක් ඵලදායීව සහ ස්ථාවරව වැඩ  කිරීමේ  සහ එය ස්ථායිව පවත්වා ගැනීමේ කලාව සහ ශිල්පයයි.  මේ සඳහා පුද්ගලයෙකු  සේවයට  බඳවා ගැනීම, පුහුණු කිරීම, උපදේශනය, සේවයෙන් පහ කිරීම, අයවැය සැකසීම, සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ගැටළු නිරාකරණය කිරීම, කළමනාකරණ පද්ධති ගොඩනැගීම සහ භාවිතා කිරීම, සාධාරණ අන්දමින් වත්කම් පැවරීම සහ කාර්ය සාධන ප්‍රතිපෝෂණ ලබා දීම ඇතුළත් වේ. කළමනාකරණය යනු නායකත්වයට ඉතා වැදගත්, අත්‍යවශ්‍ය අංගයකි.

කළමනාකරුවන්ගේ කාර්යභාරය වෙනත් විවිධාංගීකරණයට ලක් වූ වගකීම් කිහිපයකට සම්බන්ධවන  මූලික වගකීම්/කාර්යයන් හතර පහත දැක්වේ.

  • සැලසුම් කිරීම: මෙය කළමනාකරුවන්ගේ ප්‍රධානතම වගකීමකි. අදාල ආයතනයේ දිගුකාලීන හා කෙටි කාලීන අරමුණු මොනවාද සහ ඒවා සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න ඔවුන් පැහැදිලිව තේරුම් ගත යුතුය. එවැනි සැලසුම් සහ අරමුණු ආයතනයේ අභ්‍යන්තර හා ඊට පරිභාහිර සාධක මත පදනම්ව වෙනස් විය හැකි බැවින් මෙය ක්‍රියාවලියේ සියලුම කොටස් වලට සම්බන්ධ වන අතර පුනරාවර්තන ක්‍රියා පටිපාටියක් ද වේ. 

    ඔබ ව්‍යවසායකයෙකු නම්, ආයතනයට අදාළ තීන්දු තීරණ ගැනීම අත්‍යවශ්‍යයෙන්ම ඔබේ වගකීමක්  බවට පත්වේ. කෙසේ වෙතත්, ඔබට  කළමනාකරුවන් වාර්තා කරන්නේ නම්, සැලසුම් කිරීමේ ක්‍රියාවලියට ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට සහ සැලසුම් කිරීමේ හැකියාව වර්ධනය කිරීමට ඔවුන්ට උපකාර කිරීම ඔබේ ආයතනයට වඩා වාසි සහගත වේ. යම්හෙයකින් ඔබ සැලසුම් කිරීමට අසමත් වුවහොත්, ඔබ අසාර්ථක වීමට සැලසුම් කරන බව සැමවිටම මතක තබා ගන්න.
  • සංවිධානය කිරීම: මෙය හුදෙක්ම  ප්‍රශස්ත අන්දමින්  සම්පත් භාවිතයට ගැනීමයි. ආයතනයේ  අදාල  අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සම්පත් කවරේද යන්න හඳුනා ගැනීම සහ එම සම්පත් නිසි ලෙස වෙන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම සංවිධානය කිරීම යටතේ කලමනාකරුවෙකුගේ කාර්යභාරය යටතට පැමිණේ. සංවිධානයේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය මානව සම්පත් සහ ඒවායේ බලගැන්වීම් පෙළගැස්වීම ලෙස සංවිධානයේ/කණ්ඩායමේ ව්‍යුහය පිහිටුවීම සමඟ එය බැඳී ඇත. ඔබ ඔබේ ව්‍යාපාරය සඳහා නව අලෙවිසැලක් විවෘත කිරීමට යන්නේ යැයි සිතන්න. ඉන්පසුව, ‘ආයතනය’ යන්නට මුදල් වෙන් කිරීම, ගොඩනැඟිලි පහසුකම්  ලබා ගැනීම, කාර්ය මණ්ඩල සාමාජිකයින් තෝරාගෙන වගකීම් පැවරීම, කාර්යාල පහසුකම් සැකසීම යනාදිය ඇතුළත් වේ.
  • නායකත්වය: මෙයින් අදහස් කරන්නේ කිසියම් සැලසුමක් ක්‍රියාත්මක කිරීම සහ ව්‍යාපෘතියේ අරමුණු ඉටු කර ගැනීම සඳහා සම්පත් හැසිරවීමයි. ආයතනික ව්‍යුහයක් තුළ, නායකත්වය සැපයීම යන  කාර්යයට, පැහැදිලි හා නිරන්තර සන්නිවේදනය, කණ්ඩායම පෙළඹවීම සහ ගැටුම් නිරාකරණය වැනි සියුම් කුසලතා රාශියක් ඇතුළත් වේ. නායකත්වය දෙන විට, කළමනාකරුවෙකුට ඔහුගේ හෝ ඇයගේ යටත් නිලධාරීන්ට ස්වාධීනව ක්‍රියා කිරීමට හැකි වන පරිදි බල ගැන්වීමට ද හැකි විය යුතුය. ඉහත සඳහන් කල  “නව අලෙවිසැල්” යන නිදසුන  වෙත ආපසු හැරෙමු . ඔබ එහි ක්‍රියාකාරිත්වය සොයා බැලීමට ගබඩා කළමණාකරුවෙකු පත් කරන්නේ නම්, ඔබ ඔහුට හෝ ඇයට අයත් වගකීම් සහ නියමිත ඉලක්ක පැහැදිලිව සන්නිවේදනය කළ යුතුය. තවද, ආයතනය තුල ක්‍රියාත්මක වීමට ඔබගෙන් නිරතුරුවම  උපදෙස් ලබා ගැනීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් විය හැකි බැවින්, ඔහුට හෝ ඇයට තමා විසින්ම කාලෝචිත තීරණ ගැනීමට අවකාශය ලබා දිය යුතුය.
  • පාලනය කිරීම: පාලනය කිරීම යනු මූලිකව එකඟ වූ  ඉලක්ක වලට එරෙහිව ලබා ගත් ප්‍රතිඵල සංසන්දනාත්මක ඇගයීමකට  ලක් කොට ආයතනයට එහි නිවැරදි ක්‍රියාකාරිත්වයට  සුදුසු නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමයි. පාලනය කිරීම යන්නෙන්  යෝජනා කරන පරිදි, සකසන ලද සැලැස්මෙන් ඉවත්වීම, පිරිවැය අඩු කිරීම හෝ කළමනාකරණය කිරීම අධෛර්යමත් කිරීම වැනි යමක්  අදහස් නොවේ. පාලනය කිරීමේදී සැලසුම් වලින් වෙනස්වීමට හෝ අයවැය සහ වියදම්වල වෙනස්කම් දරා සිටීම සඳහා යහ විනිශ්චය භාවිතා කිරීම, ඔබේ ආයතනය එහි අවසාන ඉලක්ක වෙත ගෙන යන විට සිදු විය හැක. අප ඉහත භාවිතා කල අලෙවිසැලේ උදාහරණයේදී, ඔබේ දෛනික සාමාන්‍ය ශුද්ධ ලාභය රු. 5,000.00 නමුත් ව්‍යාපාරයේ පළමු මාස ​​තුන තුළ උත්පාදනය කරන්නේ රු 2,000.00 නම්, ඔබට ඔබේ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳව නැවත සලකා බැලීමට අවශ්‍ය විය හැකිය. එමෙන්ම ඔබේ විදුලි බිල අධික නම්, ඔබට ආලෝකය ලබා ගැනීමට  බලශක්ති කාර්යක්ෂම සවිකිරීම් (CFL, LED ආදිය) භාවිතා කළ හැකිය. වැරදුණු දේවල් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට වසර අවසන් වන තෙක් රැඳී සිටියහොත් එය ටිකක් ප්‍රමාද විය හැකි බැවින් පාලනය කිරීම අඛණ්ඩ ක්‍රියාවලියක් විය යුතුය. PDCA (සැලසුම් කිරීම, සිදු කිරීම, පිරික්සීම, ක්‍රියාත්මක කිරීම) චක්‍රය පිළිබඳ වැඩිදුර කියවීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

කළමනාකරුවන්ගේ කාර්යයන් බහුවිධ හා විවිධාකාර වේ. කළමනාකරුවෙකුගේ භූමිකාව සැණකෙලියක  “පිඟන් ක්‍රීඩාවක යෙදීමක්” වැනිය. කළමනාකරුවෙකුගේ සාමාන්‍ය වගකීම් මාලාවක් පහත ලැයිස්තුගත කර ඇත (සංවිධානය සහ කළමනාකරණ භූමිකාව අනුව, මේවා වෙනස් විය හැකි බව සලකන්න.

  • නව සේවකයින් බඳවා ගැනීම
  • නව සේවකයින් පුහුණු කිරීම
  • දැනට සිටින සේවකයින් පුහුණු කිරීම
  • තීරණ ගැනීමට සහ ගැටළු විසඳීමට සහාය වීම
  • කාර්ය සාධනය නිරීක්ෂණය කිරීම සහ ඒවා ශක්තිමත් කිරීමට පියවර ගැනීම
  • අයවැය පාලනය කිරීම
  • කාලෝචිත කාර්ය සාධන ඇගයීම් පැවැත්වීම
  • අනාගතය සඳහා සමාගමක ඉලක්ක සැලසුම් කිරීම සහ සැකසීම
  • ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය වෙත වාර්තා කිරීම

හොඳම කළමනාකරුවන්ට තමන්ට වඩා වැදගත් වන්නේ සිය රැකියා ආයතනය සහ ඔවුන්ගේ කාර්ය සාධනයයි. ඔවුන් තම කණ්ඩායම්වල හැකියාවන්  ගොඩනැගීමට උත්සාහ කරන අතර ඔවුන්ගේ සගයන්ගේ ජයග්‍රහණ අගය කරති. ඉතින් ඔබ, ඔබට විය හැකි හොඳම කළමනාකරුද?

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X